inner others news

ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140 ක්  පමණ සිටින අතර ඊඩිස් ඊජිප්ටයි හා  ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ. මෙම මදුරු විශේෂ දෙක ඔවුන්ගේ ශරීරයේ ඇති සලකුණු නිසා පහසුවෙන් හඳුනාගත හැක.

Picture14 AE Picture14 AA
Aedes aegypti Aedes albopictus
mosquito

 

Life Cycle

life cycle3

ඊඩිස් මදුරුවන්ගේ ජීවන චක්‍රයේ ජලජ (බිත්තර, කීට හා පිලා අවස්ථා) හා ගොඩබිම අවස්ථා (සුහුඹුල් මදුරුවා) ඇති අතර ගැහැණු මදුරුවන් ජලය සහිත බඳුන් වල ජල මට්ටමට මඳක් ඉහලින් තෙත සහිත පෘෂ්ටයේ බිත්තර (1 වන රුපය) අලවන අතර මෙම බිත්තර වතුර හා ගැටුන විට (වැස්ස නිසා හෝ වෙනත් ක්‍රමයකින් වතුර එකතුවීම මගින්) බිත්තර පුපුරා කීට අවස්ථාව (2 වන රුපය) බවට පත්වේ. මෙම මදුරු කීටයන් වතුරේ ඇති කාබනික ද්‍රව්‍ය හා කුඩා ක්‍ෂුද්‍ර ජීවින් ආහාරයට ගනිමින් 1වන කීට අවස්ථාවේ සිට 4 වන කීට අවස්ථාව වන තෙක් පැමිණේ. කීටයා අවශ්‍ය ශරීර ප්‍රමාණයට පැමිණීමෙන් පසු හා අවශ්‍ය ශක්තිමත් භාවය ලබා ගැනීමෙන් අනතුරුව 4 වන කීට අවස්ථාවෙන් පිලවා (3 වන රුපය) අවස්ථාවට පත්වේ. මෙම ජීවන චක්‍රය සම්පුර්ණ කිරීම සඳහා දින 8-10 අතර කාලයක් ගත කරනා අතර මෙය කීටයාගේ ආහාර ගැනීමේ ප්‍රමාණය මතද රඳා පවතී.

ඊඩිස් මදුරුවාගේ බිත්තර වලට අහිතකර පාරිසරික හා දේශගුණික තත්වයන් දරා ගෙන මාස ගණනාවක් වුවද නොනැසී සිටීමේ විශේෂ හැකියාවක් ඇති අතර මේ හේතුවෙන් මදුරුවාගේ කීට අවස්ථා, පිලා අවස්ථා හා සුහුඹුල් අවස්ථාවන් විනාශ කලද මදුරු බිත්තර රැඳි ඇති බඳුනකට ජලය වැටුන විගස බිත්තර පුපුරා නැවත මදුරුවන් බෝ වීමේ හැකියාව ඇත. අවාසනාවකට මෙන් බඳුන් වල ඇලී ඇති බිත්තර විනාශ කිරීම සඳහා විශේෂ ක්‍රම වේදයක් දැනට නොමැත. මදුරුවාගේ ජීවන චක්‍රය තුල ඇති මෙවන් අනුවර්තන නිසා බොහෝ අවස්ථාවල ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම එතරම් පහසු නොවේ.