inner others news

උණ තිබේ නම්...

  1. රෝගියාට විවේකය ලබා දෙන්න

මහන්සිවෙන්න,බරවැඩ කරන්න ඉඩ තියන්න එපා 

  1. දියර වර්ග බීමට දෙන්න
  • කිරි,පලතුරු යුෂ, දොඩම්යුෂ, ජීවනී ,කැද, තැඹිලි ,සුප්  මේ සදහා සුදුසුය.
  • ජලය පමණක් බීමට දෙන්න එපා
  • රතු හෝ දුඹුරු  පැහැති දියර වර්ග පානය කිරීමට නොදෙන්න

                         උදා- රතු පැහැ පැණි බීම,කෝපි 

  • සුපුරුදු ඝන අහාර ආහාරයට ගත හැකිනම් ලබා දෙන්න
  • රතු හෝ දුඹුරු  පැහැතිඅහාර වර්ග කෑමට නොදෙන්න. උදා- චොකලට්  
  1. රෝගියාටමුත්‍ර පිටවන වාර ගණන ගැන සැලකිලිමත් වන්න 

රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන අඩුනම් වහාම රෝහලකට රැගෙන යන්න  

  1. උණ තිබේනම්
  • සාමාන්‍ය වතුරෙන් ඇග තෙමන්න
  • පැරසිටොමෝල්(Paracetamol)  නියමිත මාත්‍රාව පැය 6 කට වරක් ලබාදෙන්න

(දරුවන් සදහා  නියමිත මාත්‍රාව බර අනුව ලබා දෙන්න /වැඩිහිටියන්ට  ග්‍රෑම් 1)

  • උණට ලබාදෙන අනෙකුත් බෙහෙත් වර්ග .(වීශේෂයෙන් තද උණට ලබා දෙන බෙහෙත්)   ලබා දෙන්න එපා

                    උදා-: Diclofinac/ Ibuprofen/Mefenamic Acid – Tablets / Syrups

  1. උණ දින2 කට වඩා තිබෙනම්

3 වන දිනයේ රුධිර පරීක්ෂාවක් කරගන්න 

  1. පහතලක්ෂණ ඇතිනම් වහාම රෝගියා රෝහලකට රැගෙන යන්න  
  • දියර පානය කිරීමට නොහැකි වීම (නිතර   වමනය කිරීම)
  • ආහාරපාන ප්‍රතික්ෂේප කිරීම
  • අධික පිපාසය
  • රෝගියාටමුත්‍රා පිටවන වාර ගණන අඩුවීම( පැය 6 කට වඩා  වැඩි කලක් තුල මුත්‍රා පිටනොවීම) 
  • අධික  බඩේ කැක්කුම
  • නිදිමත ගතිය
  • හැසිරීමේ වෙනස්කම් ඇතිවීම
  • රතු /කළු/දුබුරු පැහැයට  වමනය යාම
  • කළු පැහැයට මලපහ පිටවීම
  • රුධිර   වහනය ( විදුරුමසින්රුධිර   වහනය,මුත්‍රා රතු පැහැයට පිටවීම) 
  • කරකැවිල්ල
  • සුදුමැලි වීම
  • අතපය සීතල වීම